Govdoc Blog

යළි විදුලි බිල ඉහළ නැංවීමට අනුමැතිය

Electricity BIll2023
Electricity BIll2023

වත්මන් පාඩුව පියවා ගැනීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 ක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසනවා.

යෝජිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නියෝජිතයින් 29 දින ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කරමින් මේ බව සඳහන් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දැනට පවතින පවතින පාඩුව පියවා ගැනීමට විදුලි බිල 70% කින් පමණ වැඩිවිය යුතු බවට විදුලිබල මණ්ඩල නියෝජිතයින් එහිදී සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ, විදුලි බිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී සලකා නොබලන බවයි.

(Visited 122 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed