Govdoc Blog

කටුනායක ගුවන් තොටුපලෙන් විදෙස්ගත වන්නන්ට ඇමෙරිකානු ඩොලර් 60 ක බද්දක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද (Embarkation Levy) සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2022-03-27 සිට 2023-03-26 දක්වා කාලය තුළදී කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (රත්මලාන) හෝ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සෑම පුද්ගලයෙකුම ඇමෙරිකානු ඩොලර් 30 ක අපගමන බද්දක් ගෙවිය යුතු බවට සඳහන් වෙනවා.

එමෙන්ම මත්ත​ල ජාත්‍යන්තර ගුවන්තොටුපල සමඟ මෙහෙයුම් ආරම්භ කරන ජාත්‍යන්තර ගුවන් සමාගම් සඳහා මෙම බද්ද වසර දෙකක කාලයකට නිදහස් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මත්තල, රත්මලාන හෝ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැර මෙරට අනිකුත් සෑම ජාත්‍යන්තර ගුවන් තොටුපොළකින්ම විදෙස්ගත වන පුද්ගලයින් සහ නැව් මාර්ගයෙන් විදෙස්ගත වන පුද්ගලයින් ඩොලර් 60 ක අපගමන බද්දක් ගෙවිය යුතු බවත් මෙම නිවේදනයේ සඳහන්.

ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වන මගීන් ඇමෙරිකානු ඩොලර් 60 ක අදාල බදු ගෙවීම සිදුකළ යුතු වනවා.

මෙ​ම බදු අයකරගැනීම 2023 ජනවාරි 12 දින සිට ක්‍රියාත්මක බවත් එම නිවේදනයේ සඳහන්. අදාල නිවේදනය පහතින්.

Tax

(Visited 89 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed