Govdoc Blog

අද සිට කළු විරෝධතා සතියක්

protest

රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව අද (23) සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අදින් ආරම්භ වන විරෝධතා සතිය ‘කළු විරෝධතා සතිය‘ ලෙස නම් කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කර සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන ලෙස රජයට බල කරන බවයි ඔහු සඳහන් කළේ.

එසේම එම සතිය තුළ සියලුම රෝහල් කළු පාටින් සැරසීමටත්, විරෝධතා දැක්වීම හා කළු පටි පැළදීම වැනි කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(Visited 57 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed