Govdoc Blog

හෙට ජාතික විරෝධතා දිනයක්

protest day

හෙට (22) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතා දිනය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (21) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට රැස්ව තිබෙනවා.

ඒ අනුව රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි සතිය තුළ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ රැසක් අද ගැනීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 134 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed