Govdoc Blog

2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචන අයැදුම්පත් අද සිට

Scholarship

2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචන අයැදුම්පත් අද සිට

 

2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචන අයැදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඊයේ (පෙබ. 12) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සඳහන් කළේ ය.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පසුගිය 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 වන ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචන පෙබරවාරි 13 වන දා සිට පෙබරවාරි 29 වන දා දක්වා මාර්ගගත ක්‍රමයට යොමු කිරීමට හැකියාව ඇති බව ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචන ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුව ම අභියාචන යොමු කිරීමේ හැකියාව ඇති බව එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

(Visited 268 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed