Govdoc Blog

තැපැල් ඡන්ද අයැදුම්පත් අගෝස්තු 5 දා තෙක්

postal voting

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වේ.

එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාගේම අයදුම්පත් අගෝස්තු 5 වන දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු වේ.

තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමේදී පහත සබැඳිය තුලින්ද අවශ්‍ය තොරතුරු ලබා ගත හැක. Click Here

(Visited 279 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed