Govdoc Blog

පුද්ගලයන් වෙනුවට රාජ්‍ය ආයතනවලින් PAYE බද්ද ගෙවීම අත්හිටුවමින් චක්‍රලේඛයක්

Paye tax 2023

උපයන විට බද්ද (PAYE) පුද්ගලයින් වෙනුවට රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය මෙම සතියේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබාගන්නා පුද්ගලයින් විසින් උපයන විට බද්ද (PAYE) රජය වෙත ගෙවිය යුතු නමුත්, ඇතැම් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන පුද්ගලයින් වෙනුවට එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

“රාජ්‍ය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් යම් සීමාවකට වැඩියෙන් ඉපයීමක් කරනව නම් ඔවුන් උපයන විට බද්දට යටත් වෙනවා. නමුත් පසුගිය වකවානුවේ දී විශේෂයෙන් අර්ධ රාජ්‍ය, සංස්ථාවල යම් යම් සේවා ගිවිසුම් ඇති කරගෙන තිබුණ තත්ත්වයන් මත උපයන විට බද්ද අදාළ ආයතනය විසින්ම ගෙවන අවස්ථාවන් අපට අත්විඳින්න ලැබුණ. එවැනි අකාර්යක්ෂමතාවන්ට මේ අවස්ථාව නෙවෙයි. මේ පිළිබඳ ඉතා නිරවුල්ව සොයා බලා ඒ ගෙවීම වළක්වාලමින් පැහැදිලි චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වෙත නිකුත් කරනවා”

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Paye tax

(Visited 76 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed