Govdoc Blog

තෙල් සංස්ථාව 2021 පඩි දුන් හැටි විගණනයෙන් එළියට

Ceypetco 2021 Salary

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා 2021 වසරේ වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇති රුපියල් කෝටි 603කට ආසන්න මුදලෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්කර තිබෙන්නේ අතිකාල ගෙවීම සඳහා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

වැටුප් හා දිමනා සඳහා 2020 වසරේදි වැය වි තිබෙන්නේ කෝටි 494ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

සංස්ථාවේ සේවය කරන 2296ක් වන සේවකයන්ගෙන් 998ක් තමන්ගේ මූලික වැටුපෙන් සියයට පනහකට අධික මුදලක් අතිකාල ලබන බවද සේවකයින් 391ක් එනම් සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 17ක් මුලික වැටුපෙන් සියයට සීයකට අධික අතිකාල දීමනාවක් ලබන බවද එම වාර්තාවේ සඳහන් වේ.

එසේම සේවකයන් 16 දෙනකු තමන්ගේ මූලික වැටුප මෙන් සියයට දෙසීයක අතිකාල දීමනාවක් ලබන බවද එම වාර්තාවේ සඳහන් වේ.

බොහෝ සේවකයන්ගේ වැටුප්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් ණය සඳහා කපාගැනීමට සිදුව ඇති බවද ඒ නිසා ඇත්ත අතිකාල සේවාවක් අවශ්‍ය නොවන අවස්ථාවලද ඔවුන්ට අතිකාල සේවයේ නිරත වීමට ආයතනය ඉඩ දි ඇති බවද ඒ අනුව මේතරම් විශාල අතිකාල දීමනාවක් ගෙවීමට සිදුව ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මේ බව සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතූලත් කර තිබෙන 2021 වසරේ වාර්ෂික විගණන වාර්තාවේය.

(Visited 109 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed