Govdoc Blog

අද දැවැන්ත වැඩ වර්ජනයක්

Strike

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව වරාය, ඛනිජ තෙල්, විදුලිය, ජල, බැංකු, විශ්වවිද්‍යාල සහ ටෙලිකොම් වෘත්තීය සමිති මෙම වැඩවර්ජනයට එක්වන බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක්නොවී ප්‍රාදේශීය වශයෙන් විරෝධතා වල නිරත වීමට තීරණය කර තිබෙනවා. රෝහල් වලට පැමිණෙන රෝගීන්ව අපහසුතාවට ලක් නොකර ප්‍රතිකාර ලබාදීමට උපරිම උත්සාහ ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

තැපැල් සහ ගුරු වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයට සහය ලබාදෙන නමුත් වර්ජනයට එක් නොවී කළු පටි සහ කළු ඇඳුම්වලින් සැරසී මේ සඳහා සහයෝගය ලබාදෙන බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

දුම්රිය වෘත්තීය සමිතිද වර්ජනයට එක්නොවී විරෝධතාවක නිරතවෙමින් වර්ජනයට සහය පළකිරීමට තීරණය කර ඇති අතර මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

(Visited 81 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed