සතියේ වැඩ කරන සියලුම දිනයන්හි දී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.
රට තුළ ඉන්ධන අර්බුදය මේ වන විට සමනය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් සභාව සඳහන් කරන්නේ.
ඒ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමටද තීරණය කර තිබෙනවා.
එසේම ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් Online ක්‍රමය හරහා ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

(Visited 93 times, 1 visits today)


govdoc blog
Add comment