Govdoc Blog

රජයේ නිලධාරීන් ‍විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ

Employee

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

අයදුම්කර ඇති රාජ්‍ය සේවකයින් සඳහා කඩිනමින් විදේශ රැකියා අවස්ථා සොයා ගැනීම හා අයදුම්පත් අදාළ පාර්ශව වෙත යොමු කිරීම මගින් විභවයක් පවතින විදේශ රැකියා කාණ්ඩ හඳුනා ගැනීම හා ඉලක්කගත කණ්ඩායම් සඳහා දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Government

(Visited 191 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed