Govdoc Blog

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම පිළිබඳ නිවේදනයක්

An announcement

උපාධිධාරින් ශ්රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධ නිවේදනයක්

01. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ශ්රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදන පහත පරිදි නිකුත් කර ඇත.
02. අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2023.02.10 දිනට රාජ්ය සේවයේ නියුතුව මේ වන විටත් රාජ්ය සේවයේ සිටින 2023.02.10 දිනට වයස අවුරුදු 45ට නොවැඩි සහ එදිනට උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
03. අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පහත සඳහන් කාණ්ඩ යටතේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
  • 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ රාජ්ය සේවයේ නිරත නොවන උපාධිධාරීන්
  • 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ 2023.02.10 දිනට පසු රාජ්ය සේවයේ පත්වීම් ලබා මේ දක්වා සේවයේ නිරත වන නිලධාරින්
  • 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කර 2023.02.10 දිනට රාජ්ය සේවයේ නිරත වුවද මේ වන විට විධිමත් අනුමැතියකින් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති නිලධාරීන්
  • 2023-02-10 දිනට වයස අවුරුදු 40ට අඩු, ඒ වන විටත් රාජ්ය සේවයේ තනතුරක් දරන ගැසට් නිවේදනය අනුව 2023-02-10 දිනෙන් පසු උපාධි සුදුසුකම ලැබූ රාජ්ය නිලධාරින්
04. 2023.01.27 දින පලකරන ලද අංක 2317 දරණ ගැසට් නිවේදනය මඟින් දැනටමත් අයදුම් පත් යොමු කළ අය මේ වන විටත් රාජ්ය සේවයේ නිරත වන්නේ නම්, මෙම ගැසට් නිවේදනය පරිදි නැවත අයදුම් කිරීමට අවශ්යතාවයක් නොමැති බවත් හා එම පෙර අයදුම්කළ අයදුම් පත්රයේ සඳහන් දුරකථන අංකය, ජාතික හැදුනුම්පත් අංකය, ලිපි ලැබෙන ලිපිනය සංශෝධනය වී ඇත්නම් පමණක් විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ යොමු ඔස්සේ ඉල්ලීම් ඉදිරිපත් කර එම සංශෝධන සිදු කිරීමටත් අයදුම්පත්රය භාගත කර ගැනීමටත් අවස්ථාව සලසා දී ඇත.
05. මෙම ගැසට් නිවේදන සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිත කළ හැකිය.
(සිංහල – 0112-784819/ 0112-785634/ Hotline 1988) – ( දෙමළ – 0112-785634)
(ඉංග්රීසි – 0112-785258/ 0112-784819/ 0112-787399) – (වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා)
Special Notice Sinhala | Tamil
An announcement regarding the recruitment of graduates to Sri Lanka Teachers
(Visited 335 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed