ඌව පළාත් සංවර්ධන නිලධාරී I, II ශ්රේණි සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත 2026
2026 වසර සඳහා ඌව පළාත් රාජ්ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ I සහ II ශ්රේණි සඳහා වන දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවා ඇත.
අයදුම් කල යුතු ආකාරය
මෙම විභාග සඳහා පෙනී සිටින අපේක්ෂකයින්, 2026 නොවැම්බර් මස 6 වන දින හෝ එදිනට පෙර https://exams.psc.up.gov.lk/ යන සබැඳිය හරහා තම මාර්ගගත අයදුම්පත් සම්පූර්ණ කළ යුතුය. අයදුම්පත සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අපේක්ෂකයින් විසින් එම අයදුම්පතේ පිටපතක් (‘Application’ කොටස වෙත පිවිසීම මගින්) බාගත කරගත යුතුය.අයදුම්පතෙහි නියමිත ස්ථානයේ ගෙවීම් රිසිට්පත අලවා, අදාළ ආයතනයේ/දෙපාර්තමේන්තුවේ ප්රධානියා ලවා එය සහතික කරවා ගැනීමෙන් අනතුරුව, 2026 නොවැම්බර් මස 13 වන දින හෝ එදිනට පෙර පහත ලිපිනයට ලැබෙන පරිදි අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය :
- ලේකම්, ඌව පළාත් සභා රාජ්ය සේවා කොමිෂන් සභාව, අංක 14/4, පීලිපොතගම පාර, පිංඅරාව, බදුල්ල
ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ පහත සඳහන් ශීර්ෂය පැහැදිලිව සටහන් කළ යුතුය:
- ඌව පළාත් සභා සංවර්ධන නිලධාරී සේවයේ II/I ශ්රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන/තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026
මේ සඳහා වන විභාග නිවේදනය පහතින් සදහන් වේ.
| Full Details – Notice | Download |
| Online Application | Click_Here |
| Website Link | www.psc.up.gov.lk |
| Closing Date | 2026.11.06 |


govdoc blog
Add comment