Govdoc Blog

හෙද හෙදියන් 2,519කට අද පත්වීම්

Nurse

හෙද හෙදියන් 2,519කට අද පත්වීම්

 

  • නවක හෙද හෙදියන් 2519 දෙනකු අද (17) සෞඛ්‍ය සේවාවට ඇතුළත් කර ගැනේ. ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
  • 2018 සිසු හෙද කණ්ඩායම යටතේ 2020.01.26 වැනි දින ආරම්භ කළ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනකු නවක හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට නියමිතය.
  • ගුණාත්මක හා ප්‍රශස්ථ රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යෑම අරමුණු කර ගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල හා පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල පවතින පුරප්පාඩු සලකා බලා මෙම නවක හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය. 2023.11.22 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලිපි ලබාදෙනු ඇත.
  • මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද නිලධාරීන් 42,000කට අධික ප්‍රමාණයක් සේවය කරන අතර මෙම නවක හෙද හෙදියන් 2519 දෙනා සුව සේවාවට එක්වීමත් සමඟ එම ප්‍රමාණය 45,000ක ප්‍රමාණය ඉක්මවනු ඇත.
  • මේ වන විට දිවයින පුරා හෙද පුහුණු පාසල් 16ක හෙද සිසු සිසුවියන් 6500කට අධික ප්‍රමාණයක් පුහුණු පාඨමාලාවල නිරත වේ. එම පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු එම පිරිස ද මෙරට රෝහල් සත්කාර සේවාවට එක් කර ගැනීමට නියමිතය. එමෙන්ම විශ්වවිද්‍යාල මඟින් හෙද උපාධිය හදාරා හෙද සේවයට 500ක පමණ ප්‍රමාණයක් හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කරමින් පවතී.
(Visited 231 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed