Govdoc Blog

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2014 (I) 2023

Management Service

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2014 (I) 2023

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය

  • කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරින් සඳහා අදාළ අනඅමත සේවා ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනුකූලව කාර්යක්ෂමතා කඩඉම් විභාගය, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2024 පෙබරවාරි මාසයේ දී පවත්වනු  ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.
  • ඒ සඳහා වන අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත(Online) ක්‍රමයට පමණි.
  • අයදුම්පත මාර්ගගතව යොමු කළ පසු එය බාගත කර මුද්‍රිත පිටපත අයදුම්කරුගේ අත්සන සහතික කර අදාළ නම් ආයතන ප්‍රධානියාගේ සහතිකය සමග අයදුම්පත් භාරගන්නා අවසාන දිනට හෝ ඊට පෙර විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ. පෙ. 1503, කොළඹ වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
  • කවරයේ වම්පස ඉහල කෙළවරේ “කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2014 (I) 2023” යනුවෙන් පැහැදිලිව සටහන් කළ යුතුය.
  • අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2023 දෙසැම්බර් මස 11 දින වේ.

 

(Visited 5,031 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed