Govdoc Blog

ශ්‍රී ලංකා ගිණුම්කරණ කාර්මික ශිල්පීන්ගේ සංගමය විසින් 2024 ජනවාරි මස විභාග නිවේදනය නිකුත් කරන ලදි

AAT

ශ්‍රී ලංකා ගිණුම්කරණ කාර්මික ශිල්පීන්ගේ සංගමය විසින් 2024 ජනවාරි මස විභාග නිවේදනය නිකුත් කරන ලදි

 

ජනවාරි විභාගය සඳහා ඊට පෙර වර්ෂයේ ඔක්තෝම්බර් මාසය තුළදී ද, ජූලි විභාගය සඳහා අප්‍රේල් මාසය තුළදී ද විභාග අයදුම්පත් නිකුත් කරනු ලැබේ. (පවතින තත්ත්වය මත මෙම දින වකවානු වෙනස් විය හැක.)

විභාග අයදුම්පත් යොමු කිරීම

විභාග අයදුම්පත් භාරගන්නා අවසන් දිනට පෙර විභාග අංශයේ ප්‍රධානියා වෙත ලැබෙන පරිදි සම්පුර්ණ කරන ලද විභාග අයදුම් පත්‍රය සහ විභාග ගාස්තු ගෙවූ වවුචරය ලබාදී ඇති ලියුම් කවරය‍ෙ බහා “ලියාපදිංචි තැපෑල” යටතේ එවිය යුතුය.

AAT ආයතනයට ගෙනවිත් භාර දෙන්නේ නම්, විභාග අයදුම් පත්‍රය සහ විභාග ගාස්තු ගෙවූ වවුචරය විභාග අයදුම් පත්‍රය සමග සපයනු ලබන අදාල ලියුම් කවරයේ බහා ඒ සඳහා AAT මධ්යස්ථානයේ තබා ඇති පෙට්ටියට දැමිය යුතුය.

දිවයින පුරා පිහිටා ඇති AAT ශාඛා වලට ද විභාග අයදුම්පත් භාර දිය හැක. ඔබ ඉගෙන ගන්නා අධ්‍යාපනික ආයතන වලට භාර දෙන විභාග ඉල්ලුම්පත් පිළිබඳව ඔබ ඉතා සැලකිලිමත් විය යුතුය

තැපෑලෙන් විභාග අයදුම්පත් එවීමේදී ප්‍රමාදයන් ඇතිවීමට ඉඩ ඇති බැවින්, හැකි සෑමවිටම සම්පූර්ණ කරන ලද විභාග අයදුම්පත් AAT ප්‍රධාන කාර්යාලයට හෝ AAT ශාඛා වලට භාර දෙන්න.

ප්‍රමාද විභාග ඉල්ලුම්පත්

සාමාන්‍ විභාග ගාස්තුවෙන් 50% ක අමතර මුදලක් ගෙවීමෙන් ප්‍රමාද වූ විභාග ඉල්ලුම් පත්ර භාරදිය හැක. මේ සඳහා සාමාන්‍ ගාස්තු යටතේ ඇති අවසන් දිනයේ සිට දින හතක් (7) දක්වා ඉල්ලුම්පත් භාරගනු ලැබේ.

විභාග ඉල්ලුම් පත්‍රය සහා විභාග ප්‍රවේශ පත්‍රය (Admission card) පිලිබඳ තොරතුරු ලබා ගැනීම සදහා පහත සදහන් විශේෂ දුරකථන අංක භාවිතා කල හැක. (Hot-lines)

  • 0741504738
    0114377007
(Visited 322 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed