Govdoc Blog

2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම

අ.පො.ස. උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වන දින සිට 2026 සැප්තැම්බර් 05 වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

         ඒ අනුව, සියලු අයදුම්කරුවන් www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic යන නිල වෙබ් අඩවි වෙත පිවිස, ලබාදී ඇති උපදෙස් අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන්, තම පාසලේ විදුහල්පති මගින් අයදුම්පත් යොමු කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් තනිවම අයදුම්පත් යොමු කළ යුතු බව සඳහන් වේ.

විදුහල්පතිවරුන් තමන් වෙත ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කරමින් අයදුම්පත් යොමු කළ යුතු අතර, අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන සුරක්ෂිතව තබා ගැනීමද අත්‍යවශ්‍ය බව දැනුම් දී ඇත.අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දිගු නොකරන බැවින්, නියමිත කාලය තුළ අයදුම් කිරීම සඳහා කටයුතු කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටී.

මෙම කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් සඳහා 1911 හෝ 0112785922, 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක හරහා හෝ [email protected] වෙත විද්‍යුත් තැපැල් මඟින් සම්බන්ධ විය හැකිය.

Paper Notice (Private Applicants) English (P) | Sinhala | Tamil
Technical Instructions Download
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Closing Date 2026.04.24

2026 A/L Notice

(Visited 14 times, 14 visits today)

Raveesha Weerapperuma

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed