Govdoc Blog

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැදවීම – 2026

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැදවීම – 2026

      2026 අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.ඊයේ (30) සිට අප්‍රේල් මස 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම අයදුම්පත් කැඳවීම සිදු කරන බවත්, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

      විභාගය සඳහා පෙනී සිටිය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරන ලද පෞද්ගලික පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් වන අතර, ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල, 2027 ජනවාරි මස 31 වන දිනට වයස අවුරුදු 11 ට අඩු සිසුන් සඳහා පමණක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

      අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online) ක්‍රමයට වන අතර, අදාළ උපදෙස් https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Paper Notice (AD) Sinhala | Tamil

Scholarship grade 5

 

(Visited 83 times, 3 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed