Govdoc Blog

කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2023

Catholic Sunday School

කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2023

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව

 

01. 2020, 2021, 2022 වසරවලට නියමිත කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල් විසින් මාර්ගගතව අයදුම්පත් කැඳවනු ලැබේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථානවල දී මෙම විභාගය පවත්වනු ලැබේ.

02. විභාග මධ්‍යස්ථානය උප ලේඛනයේ දක්වා ඇති සෑම දිස්ත්‍රික්කයක්ම අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව අනුව විභාග මධ්‍යස්ථාන පිහිටුවනු ඇත. එහෙත් යම් නගරයක් සඳහා ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් නොවන අවස්ථා වලදී එකී නගරයේ විභාග මධ්‍යස්ථාන අවලංගු කොට අදාළ අයදුම්කරුවන් ඊට ආසන්නව පිහිටි වෙනත් විභාග මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සිදුවනු ඇත.

03. භාෂා මාධ්‍යය – මෙම විභාගය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය වලින් පමණක් පවත්වනු ලැබේ. එහෙත් යම් අයදුම්කරුවකුට විභාගයට පෙනී සිටීමට ඉඩදෙනු ලබන්නේ තමන් කැමති එක් භාෂා මාධ්‍යයකින් පමණි.

04. සුදුසුකම් – මෙම විභාගය සඳහා අයදුම් කරන සෑම අයැදුම්කරුවකුම පහත දක්වා ඇති සුදුසුකම් අතරින් යටත් පිරිසෙයින් කවර හෝ එක් සුදුසුකමක් සපුරා තිබිය යුතුය.

4.1 කතෝලික දහම් පාසලක 10 වන ශ්‍රේණිය සමත් වී දහම් පාසල් අවසාන සහතික පත්‍ර පන්තියේ යටත් පිරිසෙයින් වර්ෂයක් හෝ ඉගෙනුම් කටයුතුවල නිරත වීම.

4.2 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ කතෝලික ධර්මය (ක්‍රිස්තු ධර්මය රෝ.ක.) විෂයයෙන් සමත්ව සිටීම.

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023.11.20 වැනි දින ප. ව. 9.00 දක්වා වේ.

More Details :

 

(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular