මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබා නොදීම ශාලාධිපතිවරයාගේ සහ කාර්ය මණ්ඩලයේ වරදක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඔවුන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මිනුවන්ගොඩ , අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපේක්ෂයකයින් 14 දෙනෙකු එම සිදුවීමට මුහුණ පා තිබුණි.
විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, ඔවුන්ට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බවයි.
Source – (News 1st)


govdoc blog
Add comment