PayPal ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භාවිතයට තවමත් අවසර ලැබී නැත
සමාජ මාධ්‍යවල බහුල වශයෙන් පැතිර යන සටහන් වල සඳහන් වන්නේ PayPal ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් භාවිතා කළ හැකි බවත්, විශේෂයෙන් ජාත්‍යන්තර මුදල් ලබාගැනීම සහ බැංකු ගිණුම්වලට මුදල් ලබාගැනීමටත් අද(24) සිට හැකියාව පවතින බවට දක්වා තිබුණා.
මෙම සියලු කරුණු Factcrescendo Sri Lanka වෙබ් පිටුවනේ ලබා ගත් තොරතුරු වේ.
“සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි PayPal ශ්‍රී ලාංකිකයන්ට දැවෙනත් රටවල්වල පරිශීලකයන්ට ඇති සේවාවන්ම ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත් ද, යන්න අප පරික්ෂා කරනු ලැබුවා. මේ සඳහා අප පිලිපීනයේ Paypal පාරිභෝගිකයෙකුගේ උපකරණ පුවරුවේ(dashboard) ලබා දී තිබූ පහසුකම් සහ වත්මන ශ්‍රී ලාංකිකයන්ට ලබා දී ඇති උපකරණ පුවරුව පරීක්ෂාවට ලක් කළා.
මෙම පුවරු දෙක සංසන්දනය කිරීමේදී ද, ශ්‍රී ලංකාවේ PayPal විශේෂයෙන් පැරණි ගිණුම් ඇති පරිශීලකයන්ට invoicing, payment links සහ “request money” වැනි business features තම උපකරණ පුවරු තුළ පෙරදී පෙන්වූවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවන සීමා කිරීම මගින්, විශේෂයෙන් මුදල් ලබා ගැනීමේ සහ ආපසු ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්, සහ අනෙකුත් විශේෂාංග තවමත් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සේවාවන් ලෙස ක්‍රියාත්මක කර නොමැති බව තහවුරු වේ.
2026 පෙබරවාරි 24 වන දින එනම් අද දින PayPal සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බවට දක්වා තිබීම හේතුවෙන් එය පරීක්ෂා කිරීමේදී තවමත් බැංකු කාඩ්පතකට හෝ බැංකු ගිණුමකට මුදල් ආපසු ලබාගත නොහැක. බැංකු ගිණුමක් එකතු කිරීමේ විකල්පය හෝ ලබා ගැනීමේ විකල්පය දක්වා තිබුණද, එය ක්‍රියාවිරහිත ලෙස පවතී.PayPal සක්‍රීය රටවල් අතර ශ්‍රී ලංකාව ද, දැක ගන්නට ලැබුණත්, අප රටට ලබා දී ඇත්තේ, මිලදී ගැනීම(Buy) සහ මුදල් යැවීමේ(Send) විකල්ප දෙක පමණි.”
ඒ අනුව තවමත් නිළ වශයෙන් සම්පූර්ණව PayPal අප රටට ලබා දී නොමැත.


govdoc blog
Add comment