Govdoc Blog

උපරිම සිල්ලර මිල සටහන් කිරීම අනිවාර්යයි

Price

පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු තොරතුරු 7 ක් සටහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

සියලුම ආනයනකරුවන්, සාදන්නන්, නිෂ්පාදකයන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ඇසුරුම්කරුවන්, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිකරන්නන් සහ වෙළෙන්දන් පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනුලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ, දවටනයේ හෝ බහාලුමේ පැහැදිළිව පෙණෙන පරිදි උපරිම සිල්ලර මිල, බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා නැවත ඇසුරුම් කරන්නේ නම් ඇසුරුම් කළ දිනය, කල් ඉකුත් වන දිනය/භාවිතයයට ඉතා සුදුසු අවසන් දිනය/සක්‍රීය කාලය, කාණ්ඩ අංකය/කේත අංකය, නිෂ්පාදකයාගේ නම, ලිපිනය හා දුරකථන අංකය, ආනයනය කරන ලද්දක් නම් ආනයනික රට, ආනයනකරුගේ /වෙළෙඳපලට නිකුත් කරන්නාගේ නම, ලිපිනය, දුරකථන අංකය/වෙබ් අඩවිය මුද්‍රණය කිරීම හෝ ගැලවිය නොහැකි ලේබලයක් ලෙස සටහන් කළ යුතු බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

(Visited 9 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular