Govdoc Blog

ජාතික ඩෙංගු නිවාරණ සතියේ වැඩසටහන් රට තුළ දියත් කෙරේ.

ශ්‍රී ලංකාව තුළ ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන සතිය මැයි 26 වැනිදා ආරම්භ වේ.

මෙම සතිය තුළ ජාතික ඩෙංගු මර්දන ඒකකය දිස්ත්‍රික්ක 17ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇත.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ පැවසුවේ එළැඹෙන මෝසමත් සමඟ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පාලනය කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

වසර තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 22,943ක් වාර්තා වී ඇත.

ඩෙංගු වෛරසය ආසාදනය වීමෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 09ක්.

(Visited 70 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed