Govdoc Blog

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2026

Agri

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2026

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2026 වර්ෂයට අදාලව ගොවිජන සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

විභාගය 2026 සැප්තැම්බර් මාසයේදී දිවයින පුරා පැවැත්වීමට නියමිත අතර නිශ්චිත විභාග දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් පසුව ප්‍රකාශයට පත් කරනු ලැබේ.

අධ්‍යාපන සුදුසුකම්

  • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක්.

වයස් සීමාව

  • 2026-06-08 දින වන විට වයස අවුරුදු 21 – 35 අතර විය යුතුය.

අයදුම් කළ යුත්තේ ඇයි?

  • රාජ්‍ය අංශයේ වෘත්තීය අවස්ථාව
  • ආකර්ශනීය වැටුප් සහ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ
  • ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශයේ සේවය කිරීමට අවස්ථාව
  • දිවයින පුරා සේවා අවස්ථා
  • ස්ථාවර දිගුකාලීන රැකියා

අයදුම් කල යුතු ක්‍රමය 

අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව පමණක් ඉදිරිපත් කළ යුතුය.

( www.doenets.lk/ Our Services → Online Applications → Recruitment Exams / E.B. Exams )

Advertisement Sinhala
Online Application Apply_Here
Source Government Gazette (2026.05.08)
Closing Date 2026.06.08

(Visited 12 times, 15 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed