Govdoc Blog

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක පුරප්පාඩු (විවෘත විභාගය) 2023

Customs Department

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2023

  • ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
  • ඒ සඳහා වන අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ග ගත (Online) ක්‍රමයට පමණි.
  • අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023.10.16 දින වේ.
  • ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2023 දෙසැම්බර් මාසයේදී දිවයින පුරා පවත්වනු ලැබේ.
  • සෑම අයදුම්කරුවෙකුම පහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබිය යුතුය.
  • අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයයන් තුනක් එක වර සමත් වී තිබීම; සහ
    සිංහල/දෙමළ භාෂාව, සහ ගණිතය ප්‍රධාන විෂයයන් ලෙස ක්‍රෙඩිට් සාමාර්ථ ඇතුළුව සාමාර්ථ පහක් සමඟින් අ.පො.ස සා/පෙළ විභාගයේදී විෂයන් 06ක් සමත් වී තිබිය යුතු අතර අවම වශයෙන් වාර දෙකකට නොඅඩු ඉංග්‍රීසි භාෂාව සඳහා සරල සාමාර්ථයක් සහිතව තිබිය යුතුය.
  • ශාරීරික යෝග්‍යතාවය: පිරිමි අයදුම්කරුවන්ගේ උස අඩි 5 යි අඟල් 5 ට නොඅඩු විය යුතු අතර පපුව දිග හැරෙන විට අඟල් 33 ට නොඅඩු විය යුතුය.
    කාන්තා අයදුම්කරුවන්ගේ උස අඩි 5 යි අඟල් 3 ට නොඅඩු විය යුතුය.
  • වයස් සීමාව: 18 – 24

More Details.

 

(Visited 4,495 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed