Govdoc Blog

අප්‍රේල් 12ත් තැපැල් කාර්යාල විවෘතයි

Post Office

අප්‍රේල් 12ත් තැපැල් කාර්යාල විවෘතයි

 

අප්‍රේල් 12 වන දා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කටයුතු කිරීමට තැපැල් සේවකයන් එකඟතාව පළ කර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩි ම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය.

“බෙදාහැරීම සඳහා ඉතිහාසයේ වැඩි ම භාණ්ඩ ප්‍රමාණයක් මෙම අලුත් අවුරුදු සමයේ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබෙනවා. විදෙස් රටවල සිටින පිරිස් විසින් මෙරට ඥාති හිතවතුන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් එවා තිබෙනවා. අලුත් අවුරුදු සමය නිසා එම භාණ්ඩ ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම අපට අභියෝගයක් වී තිබෙනවා. එම තත්ත්වය වළක්වා ගැනීමට අප්‍රේල් 12 වන දා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනට සේවයට වාර්තා කිරීමට තැපැල්පතිවරයා සහ තැපැල් වෘත්තීය සමිති මෙන් ම සමස්ත සේවකයින් එකඟතාවය පළ කර තිබෙනවා. එහි නිෂ්කාෂණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සිය සහයෝගය ලබා දෙන බව දන්වා තිබෙනවා.”

(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed