වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෛද්‍යවේදී සේවාවේ විකිරණ ශිල්පී තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම – 2026
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ විකිරණ ශිල්පී අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක් හෝ ආයතනයක් මගින් උපාධිය ලබා ඇති පහත සුදුසුකම් ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබේ.
තනතුරට අදාළ අධ්‍යාපන හා වෙනත් විශේෂ සුදුසුකම් :-
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් භෞතික විද්‍යාව විෂයට සම්මාන සාමාර්ථයක් සහිතව සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, කෘෂි විද්‍යාව, යන විෂයන් අතරින් විෂයන් දෙකක් එකවර සමත්වීම.
- අවම ශාස්ත්‍රීය අගය 120 කින් යුත් විකිරණ විද්‍යාවේදී උපාධිය / විකිරණ ප්‍රතිකාරවේදී උපාධිය (B.Sc. Radiography / B.Sc. Radio Therapy) සම්පූර්ණ කිරීම.
- 2026.11.15 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා තිබිය යුතුයි.
අනෙකුත් පොදු සුදුසුකම් :-
- සෑම අපේක්‍ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටිය යුතු ය.
- තනතුරේ රාජකාරි ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතු ය.
- ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු ය.
- අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතු ය.
- 2026.11.15 දිනට වයස අවුරුදු 18 ට නොඅඩු, වයස අවුරුදු 35ට නොවෑඩි විය යුතු යි.
- අදාළ උපාධිය බලපැවැත්වෙන දිනය අයදුම්පත් භාරගන්නා අවසාන දිනට පෙර දිනයක් විය යුතු යි.
- අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු බවට සඳහන් කරනු ලබනදිනට සියලු සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතු ය. එමෙන්ම, අයැදුම්කරුවන් විසින් සුදුසුකම් සනාථ කිරීම සඳහා අදාළ සහතිකවල පිටපත් අයැදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ය.
| Notice (Full Details) | English (p) | Sinhala| Tamil |
| Application Form (PDF) | English (P) | Sinhala| Tamil |
| Source | Gazette (2026-10-30) |
| Closing Date | 2026.11.15 |


govdoc blog
Add comment