ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ III වන ශ්‍රේණියට බදවා ගැනීමේ සීමිත තරග විභාගය 2026
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ III වන ශ්‍රේණියේ තනතුරු වල පවතින පුරප්පාඩු 24 ක් සීමිත පදනම මත සම්පුර්ණ කිරීමට පවත්වන සිමිත තරග විභාගය සදහා අදාල සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
ඒ සදහා වන අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙහි පල කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කල හැක්කේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණි.
අයදුම්පත් යොමු කිරීමේ කාල සීමාව
2026 අප්‍රේල් මස 20 වැනි දින පෙ.ව 09.00 ට විවෘත වන අතර මැයි මස 18 වැනි දින පෙ.ව 09.00 ට අවසන් වේ.
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විදේශීය හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන උපාධියක් හෝ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන උපාධියක් හෝ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 A වගන්තිය යටතේ උපාධියක් ලබා තිබීම
බදවා ගැනීමේ ක්‍රමය
ප්‍රශ්න පත්‍ර 3 කින් යුතු ලිඛිත විභාගයේ සියලුම ප්‍රශ්න පත්‍ර වලට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් සෑම ලිඛිත ප්‍රශ්න පත්‍රයක් සදහාම නියමිත ලකුණු වලින් යටත් පිරිසෙයින් 40% ක් හෝ ඊට ඉහල ලකුණු ලබාගත් අපේක්ෂකයින්ගෙන් ලබා ඇති ලකුණු වල කුසලතා අනුපිලිවෙල හා පවත්නා පුරප්පාඩු ගණන අනුව පත්කිරීම බලදරයා විසින් තීරණය කරන අපේක්ෂකයින් ගණනක් සුදුසුකම් පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයකට කැදවනු ලැබේ. එම අපේක්ෂකයින්ගේ සුදුසුකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පරික්ෂා කරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණය සදහා ලකුණු ලබා දෙනු නොලැබේ.
වැටුප් පරිමාණය
2025.03.25 දිනැති අංක 10/2025 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධිවිධාන අනුව මෙම තනතුරට හිමි මාසික වැටුප් පරිමාණය රු. 195970/- කි. මෙයට අමතරව රජයේ නිලධාරීන්ට රජය විසින් කලින් කලට ගෙවන වෙනත් දීමනා ද හිමිවේ.
| Advertisement | Download |
| Online Application Link | Click_Here |
| Source | Gazette (2026-04-17) |
| Closing Date | 2026.05.18 |


govdoc blog
Add comment