Govdoc Blog

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Scholarship Exam

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන පරීක්ෂණ නිම වන තෙක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසයි.

සැප්තැම්බර් 15 වන දා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර සිය සමාජ ජාල, සමූහයකට පළ කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව, විභාගය ප්‍රශ්න පත්‍රය සකස් කළ විශේෂඥ මණ්ඩලය සැප්තැම්බර් 17 වන දා මෙම ගැටලුව පිළිබඳව සාකච්ජා කළ අතර එහිදී අදාළ ප්‍රශ්න 3 ඉවත් කර අවසන් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කෙරිණි.

කෙසේ වෙතත්, ඊයේ (සැප්. 19) මෙම ගැටලුව පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කළේ ය.

(Visited 144 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed