Govdoc Blog

ඉහළ දැමූ ඉන්ධන සලාක​ය නොවෙනස්ව

qr

උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව ප​වත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති ඛණිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇණවුම් සැලසුමේ වෙනසක් නොවන බවට නිරීක්ෂණය වූ බවත් ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවට නිරීක්ෂණය වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Press Release

(Visited 80 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed