Govdoc Blog

TIN අංකය ලබා ගැනීමේ කාලය දීර්ඝ වෙයි

TIN Number

TIN අංකය ලබා ගැනීමේ කාලය දීර්ඝ වෙයි

 

රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

TIN අංකය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම සහ සම්පත් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ද එම ආරංචි මාර්ග කියයි.

බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් ජනවාරි මස 1 වැනිදා සිට අනිවාර්යෙන් ලබාගත යුතු බවට රජය නිවේදනය කර තිබුණ අතර ගැටලු හේතුවෙන් එය අප්‍රේල් මස දක්වා කල්දැමීමට තීරණය කර ඇතැයි ද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

එම කල්දැමීම සිදුකළ ද පුරවැසියන්ට TIN අංකය ඉල්ලුම් කිරීමට අප්‍රේල් මස වන තෙක් නොසිට ඕනෑම අවස්ථාවක එය ලබාගත හැකි බව ද එම ආරංචි මාර්ගය කියයි.

(Visited 538 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed