Govdoc Blog

ඇඟිලි සලකුණුවලට අකමැති රාජ්‍ය සේවකයන් රස්සාවෙන් ඉවතට ද?

Will government employees who don't like fingerprints be fired?

ඇඟිලි සලකුණුවලට අකමැති රාජ්‍ය සේවකයන් රස්සාවෙන් ඉවතට

 

තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු තවදුරටත් සඳහන් කළේ, අතිකාල දීමනා සහ ඇඟිලි සලකුණු සටහන් තැබීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිගැනීමට හැකිනම් පමණක් තැපැල් වෘත්තිය සමිති සමග සාකච්ඡා කළ හැකි බව ය.

ඒ අනුව, අදාළ තීරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත්, ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් සාකච්ඡා කළ හැක්කේ මෙම ඉල්ලීම් දෙකට එකඟ වන්නේ නම් පමණක් බවයි ඊයේ (19) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඇඟිලි සලකුණු තැබීමට අකැමැති තැපැල් සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර නැති තැනක රස්සාවක් සොයාගැනීමට නිදහස ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

මේ වනවිට තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති නිසා, ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන්ද තීරණයක් ගන්නා බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(Visited 54 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed