Govdoc Blog

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්වයට දින නිවේදනය කරයි.

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්වය

ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2023’ සඳහා අයදුම්පත් ලබන ඔක්තෝබර් මස 11 වැනි දින හෝ ඊට පෙර යොමු කළ හැකි බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම වැඩසටහන සඳහා අයදුම් කරන සියලු අයදුම්පත් ඔක්තෝබර් 11 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), ජනමාධ්‍ය අමාත්‍යාංශය අංක 163, ‘ඇසිදිසි මැඳුර’ කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 දරන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය‍වේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සෑම වර්ෂයකම ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. මාධ්‍ය‍වේදීන්ට මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් දෙවරක් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් වසර 05ක් ඉක්මවා ගිය පසුව දෙවැනි අවස්ථාව සඳහා අයදුම් කළ හැක.

ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් උපාධි හා පශ්චාත් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ දෙකක මුදලක් (රු. 200,000/=) හා දිගුකාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (රු. 100,000/=) උපරිමයක මුදලක් ගෙවීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.

ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලැබූ මාධ්‍ය‍වේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50%ක් පාඨමාලාව ආරම්භයේදී පළමු වාරිකය ලෙස ගෙවන අතර ඉතිරි 50%න් 25%ක් දෙවැනි වාරිකය ලෙසත් ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතික පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවනු ඇත.

මේ සඳහා ඉල්ලුම් පත් ඉදිරිපත් කළ හැක්කේ වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18 – 55 අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් හා මාධ්‍ය තාක්ෂණික ශිල්පීන්ටය. ඉල්ලුම් කරන පාඨමාලාව ඍජුවම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විය යුතුය.

අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 2023 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත ලබා තිබීම අනිවාර්ය වේ.

ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය වන්නේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මඟින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර අනතුරුව සුදුසුකම්ලාභීන් තෝරා ගැනීමය.

More Details 

Telephone Number –  0112513645  / 0112514632

Application                –  http://www.media.gov.lk

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular