වසර දෙකක් තුළ යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීමට පියවර
යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. ඔහු පෙන්වාදෙන්නේ සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවය. රෝහලකට ගියද, රජයේ කාර්යාලයකට ගියද සැම දෙයක්ම සිදුවන්නේ මෙම අංකය හරහා බවත් මේ සඳහා අවුරුදු දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවද ඔහු සඳහන් කළා.
(Visited 194 times, 1 visits today)


govdoc blog
Add comment