Govdoc Blog

මාර්ගගත ලෙස විභාග සහතික පත්‍ර විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සත්‍යාපනය සදහා යොමු කිරීම

Online

මාර්ගගත ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරන විභාග සහතික පත්‍ර අගෝස්තු 08 වනදා සිට විදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාර්ගගතව යොමු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.මෙය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක් වේ.

2001 වසරේ හා ඉන්පසුව පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමවේදය අදාළ වෙයි.

මෙමගින් සහතික පත්‍රයේ දෘඪ පිටපතක් වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කරනු ලැබු විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරනු ලබන අතර අයදුම්කරුවන් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත පැමිණීම අවශ්‍ය නොවන බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ ඉල්ලීම ලද අවස්ථාවේ සිට මෙම ක්‍රියාවලිය කෙටි පණිවිඩ මගින් අයැදුම්කරුව දැනුවත් කරනු ලබයි.

මෙම සහතික පත්‍ර බාහිර පාර්ශව සඳහා මර්ගගත්ව සනාථ කර ගැනීමේ පහසුවද සලසා ඇත..

ඒ සඳහා certificate.doenets.lk යටතේ ඇති issued online certificate මගින් එම පහසුකම සලසා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

More Details  :  www.doenets.lk   /     මේ සම්බන්ධයෙන් යම් විමසීමක් කෙරෙන්නේ නම් 1911, 0112788137, 0112784323 යන දුරකථන අංක අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනයAnnousment

 

Tamil

Tamil

 

(Visited 4 times, 4 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular