Govdoc Blog

බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි.

වාහන ආදායම් බලපත්‍ර

බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් ද මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

ආදායම් බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන්ට සිදුවන අපහසුතාවය වැළැක්වීමේ අරමුණින් හෙට සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාළව දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙයි.

 

(Visited 2 times, 2 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular