Govdoc Blog

ලලිත් ඇතුලත්මුදලි උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව SLIIT ආයතනය සමඟ අත්වැල් බැඳගනි

Lalith Athulathmudali

ලලිත් ඇතුලත්මුදලි විශ්වාස කළේ දිළිඳුකම පිටුදැකීමේ ස්ථිරම මාර්ගය අධ්‍යාපනය බවයි. ළමයෙකුට උසස් අධ්‍යාපනය ලැබීමට උපකාර කිරීම ඔහුට මෙන්ම ඔහුගේ පවුලේ අයට ද දිළිඳුකමින් මිදීමට මග පෑදේ. වරප්‍රසාද නොලත් තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට ශිෂ්‍යත්ව ලබාදීම සඳහා ඔහුගේ දැක්ම මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල නිර්මාණය කළේය. මේ වන විට උපාධි අපේක්ෂකයින් ලක්ෂ හතරකට ආසන්න පිරිසක් මහපොළෙන් ප්‍රතිලාභ ලබා ඇත.

ඔහුගේ අභිලාෂය වූයේ ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා ඔහු මූලික අඩිතාලම දැමීය. ඔහුගේ අකල් වියෝවෙන් පසු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ආරම්භ කරන ලද්දේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සහයෝගයෙනි.

දූරදර්ශී පුද්ගලයාට ගෞරව දැක්වීමේ ඒකායන අරමුණින් ලලිත් ඇතුලත්මුදලි පදනම SLIIT ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ආයතනයේ අධ්‍යාපනය හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කළේය. ඒ අනුව SLIIT ආයතනයේ උපාධි පාඨමාලා සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබන සිසුන් සඳහා වාර්ෂිකව කොටස් පනහක ශිෂ්‍යත්ව පිරිනැමේ.

higher education

More Details

E -Mail [email protected]
Application
Click Here

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular