Govdoc Blog

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2025 විභාගයට අයැදුම් කිරීම අද (අගෝ. 12) මධ්‍යම රාත්‍රි 12:00 අවසන්

Advanced Level Exam

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2025 විභාගයට අයැදුම් කිරීම අද (අගෝ. 12) මධ්‍යම රාත්‍රි 12:00 අවසන්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2025 විභාගයට අයැදුම් කිරීමට අද (අගෝ. 12) මධ්‍යම රාත්‍රි 12:00 දක්වා අවස්ථාව තිබෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

  • ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවත් කිසිදු හේතුවක් මත අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ නොකරන බවත් එම අමාත්‍යාංශය කියයි.
  • 2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 විභාගයට අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින අයැදුම්කරුවන්ට මෙන් ම 2025 උසස් පෙළ විභාගයට අයැදුම් කිරීමට ලබාදී තිබූ කාලසීමාව තුළ අයැදුම් කිරීමට නොහැකි වූවන්ට මෙම අවස්ථාව හිමිවන බවද එම අමාත්‍යාංශය කියයි.
  • ලබන නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන උසස් පෙළ විභාගයට අයැදුම් කිරීමට මීට පෙර ජූලි 21 දක්වා අවස්ථාව ලබාදී තිබූ බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
(Visited 172 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed