Govdoc Blog

2019 අගෝස්තු මාසයට පෙර ලබාගත් SIM කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

2019 අගෝස්තු මාසයට පෙර ලබාගත් SIM කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීම සහ 2019 අගෝස්තු 02 දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2019 අගෝස්තු 02 දිනැතිව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, එකී රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම් කාඩ්පත් සඳහා පමණක් අදාළ වන බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන්, එදිනට පෙර ලියාපදිංචි වූ ඇතැම් ග්‍රාහකයන් පිළිබඳ තොරතුරු දුරකථන සමාගම් සතුව නොමැති අතර, ඒ හේතුවෙන් ඇතැම් නීති විමර්ශන කටයුතුවලදී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

එමෙන්ම වයස අවුරුදු 16-17 අතර ග්‍රාහකයන් ලියාපදිංචි කිරීමට සහ මෙරටට පැමිණෙන විදේශිකයන්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ නව විධිවිධාන ද ඇතුළත් කරමින්, දැනට ක්‍රියාත්මකව පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.‍

Cabinet approves proposal to re-register SIM cards

Source – www.helakuru.lk/esana/news

(Visited 5 times, 5 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed