වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ETF මණ්ඩලයේ (නිපුණතා සවිය) ශිෂ්‍යත්ව – 2026 (2027)
සේවක භාරකාර අරමුදල් මණ්ඩලයේ (Employees’ Trust Fund Board – ETFB) අධ්යක්ෂ මණ්ඩලය විසින්, 2023 වර්ෂයේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ETFB සාමාජිකයන්ගේ දරුවන් සඳහා මෙතෙක් ලබා දුන් මූල්‍ය ආධාර යෝජනා ක්‍රමය නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සතුටින් දැනුම් දෙමු.
ඒ අනුව, 2023 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි, 2025 වර්ෂය සඳහා 2025 දෙසැම්බර් මාසයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි ETFB හි සක්‍රීය සාමාජිකයන්ගේ දරුවන්ට මෙම නව ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය ආධාර ලබා දෙනු ලැබේ.
ජාතික තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (National Tertiary and Vocational Education Commission) යටතේ ලියාපදිංචි වී ඇති වෘත්තීය පුහුණු ආයතන මගින් පවත්වනු ලබන, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3, 4 සහ 5 මට්ටම්වල පිළිගැනීමක් සහිත පාඨමාලාවක් හැදෑරීම සඳහා උපරිම රු. 50,000.00ක මූල්‍ය ආධාරයක් ලබා දෙනු ඇත.
* රු. 50,000.00 ක මූල්‍ය ආධාරයක්
* පාඨමාලා 100 ක්
* අවසන් දිනය: 2027.06.30
| Paper Notice | English | Sinhala | Tamil |
| Instructions | Download |
| Application to be completed by employer | Download |
| Student Online Application | Click Here |
| Approved Courses by ETFB | Download |
| More Details | Click Here |


govdoc blog
Add comment