Govdoc Blog

ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සහ දුරකථන අංකය වෙනස් වූ අයට QR සඳහා අලුත් අංකයෙන් ලියාපදිංචි වීමට අවස්ථාව

BLOG

ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සහ දුරකථන අංකය වෙනස් වූ අයට QR සඳහා

අලුත් අංකයෙන් ලියාපදිංචි වීමට අවස්ථාව

1. QR ක්‍රමය අනුව හෙට සිට ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට පියවර

QR කේතය අනුව 2026 මාර්තු මස 19 වන දින (හෙට) සිට ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසන ලදී.  ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ බිංදුව නම් ඉරට්ටේ දිනවලත්, සෙසු වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බවය ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පොලිම් අවම කිරිම සඳහා එම පියවර ගෙන ඇත.

එමෙන්ම මෙතෙක් QR කේතය සකස් කර ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ටද හෙට දිනයේ ඉන්ධන ලබා ගැනීමට විශේෂ අවස්ථාවක් ලබා දෙන බවද සභාපතිතුමා පවසා ඇත.

 

2. දුරකථන අංකය වෙනස් වූ අයට QR සඳහා අලුත් අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ සිට අවස්ථාව

මීට පෙර QR කේතය සඳහා ලියාපදිංචි වී ඇති දුරකථන අංකය සම්බන්ධයෙන් ගැටලු පවතින වාහන හිමියන්ට, වත්මන් දුරකථන අංකයෙන් QR කේතය සකස් කර ගැනීමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසන ලදී. ඒ අනුව අද (18) පස්වරුවේ සිට එම අවස්ථාව හිමි වන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව මීට පෙර (2026 මාර්තු 14ට පෙර) වාහනවල ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවතත් ලබාගැනීමේදී, එම ලියාපදිංචිය සිදුකළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයෙකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් අපහසුතා මඟහරවා ගැනීම සඳහා අද සිට මෙම නව විශේෂාංගය පද්ධතියට එක් කර ඇත.

  • ඔබගේ වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් පමණක් මෙම නව පහසුකම භාවිත කළ හැකිය.
  • වාහනය දැනටමත් වෙනත් අංකයක් යටතේ ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි වී තිබුණද (ලියාපදිංචිය 2026 මාර්තු 14ට පෙර විය යුතුය), ඔබ සතු නිවැරදි තොරතුරු ඇතුළත් කර පවතින ලියාපදිංචිය අවලංගු කර ඔබගේ නව දුරකථන අංකය යටතේ ලියාපදිංචි විය හැකිය.
  • ⁠ඔබ ‘Override’ විකල්පය තෝරාගත් විට, එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් කර ඔබගේ තොරතුරු සහිත නව ගිණුමක් වහාම ක්‍රියාත්මක වේ.

මෙම ක්‍රියාවලියේදී පවතින ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචිය අවලංගු වන බැවින්, පෙර පරිශීලකයාට එම වාහනය වෙනුවෙන් ලැබුණු වරප්‍රසාද සහ ප්‍රවේශය අහිමි වන අතර මෙම පහසුකම මඟින් මෙතෙක් කාලයක් වෙනත් පාර්ශ්වයන් සතුව හෝ භාවිතයේ නොමැති දුරකථන අංක යටතේ ලියාපදිංචි වී තිබූ වාහන සඳහා නිවැරදි හිමිකරුට තම QR කේතය බාධාවකින් තොරව ලබාගැනීමට හැකියාව ලැබේ.

තමාට නීත්‍යානුකූල අයිතියක් නොමැති අන් පුද්ගලයෙකු සතු වාහන ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කළ වාහනයක දත්ත ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කර ඇත.

(Source :  esena , Newsfirst)

(Visited 48 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed