Govdoc Blog

විදුලිබල මණ්ඩලය Electricity Distribution Lanka (Pvt) Ltd ලෙස වෙනස් වේ

img

විදුලිබල මණ්ඩලය Electricity Distribution Lanka (Pvt) Ltd ලෙස වෙනස් වේ

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන මාර්තු මස 9 වන දින සිට බලාත්මක වන අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් 06ක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් එම අති විශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබුවේ ය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන් හි වගකීම Electricity Distribution Lanka (Pvt) Ltd (EDL) වෙත පවරා ඇත.

විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයකට පැවරීම සඳහා විධිවිධාන සලසා ඇති බව ගැසට් පත්‍රයේ සඳහන් වේ. මේ අතර අහෝසි කළ විදුලි බල මණ්ඩලය වෙනුවට පිහිටුවන ආයතන 6 න්, 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් ද පත්කර ඇත.

විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක කිරීමට එම සමාගමට බලය පවරා ඇති බව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එමඟින් මහජනතාව සමඟ වඩාත් සමීප වූ සහ පාරිභෝගික කේන්ද්‍රීය විදුලි සැපයුම් සේවාවක් සහතික කරන බව අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා තිබේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය යටතේ තිබූ සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල නාමය ද  Electricity Distribution Lanka (Pvt) Ltd (EDL) ලෙස වෙනස් කර ඇත.

නව ව්යුහය යටතේ ස්ථාපිත කර ඇති සමාගම් සහ ඒවායේ වගකීම් මෙසේය:
  • ඉලෙක්ට්රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම (Electricity Generation Lanka Pvt Ltd): විදුලි උත්පාදන කටයුතු භාරව ක්රියා කරයි. මෙහි ප්රධාන විධායක නිලධාරියා ලෙස සාලිය පණ්ඩිතරත්න මහතා පත් කර තිබේ.
  • නැෂනල් ට්රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්රොවයිඩර් පුද්ගලික සමාගම (National Transmission Network Service Provider Pvt Ltd): විදුලිය සම්ප්රේෂණය කිරීමේ වගකීම දැරේ. මෙහි ප්රධාන විධායක නිලධාරියා ලෙස ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ මහතා පත් කර ඇත.
  • ඉලෙක්ට්රිසිටි ඩිස්ට්රිබියුෂන් ලංකා පුද්ගලික සමාගම (Electricity Distribution Lanka Pvt Ltd): පාරිභෝගිකයින් වෙත විදුලිය බෙදාහැරීමේ කටයුතු මෙහෙයවනු ලබයි. මෙහි ප්රධාන විධායක නිලධාරියා ලෙස ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා පත් කර තිබේ.
මීට අමතරව නැෂනල් සිස්ටම් ඔපරේටර් (National System Operator), සී.ඊ.බී. එම්ප්ලෝයිස් ෆන්ඩ් (CEB Employees’ Fund) සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (Energy Ventures Lanka) යනුවෙන් තවත් සමාගම් 03ක් ස්ථාපිත කර ඇති අතර ඒවායේ පත්වීම් ඉදිරියේදී සිදුවීමට නියමිතය.
මෙම ව්යුහාත්මක වෙනස සිදු වුවද, විදුලිය බිඳවැටීම් හෝ නව සම්බන්ධතා වැනි සේවාවන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව බලධාරීන් අවධාරණය කරයි. අදාළ සමාගම් විසින් ඉදිරියේදී නව සේවා ක්රමවේදයක් හඳුන්වා දෙන තෙක් පාරිභෝගිකයින්ට පවතින ක්රමවේදය යටතේම සිය අවශ්යතා සපුරා ගත හැකිය.
Notice Sinhala | English | Tamil

 

blog

(Visited 244 times, 4 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed