ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ මානව සම්පත් සංවර්ධනය සහ පොදු කාර්යාලීය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම 2026
2026 වර්ෂයට අදාලව ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ ව්‍යාපාර අධ්‍යයන සහ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක මානව සම්පත් සංවර්ධනය සහ පොදු කාර්යාලීය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවන කණ්ඩායමේ ප්‍රධාන බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම රජයේ ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇත.
මෙම පාඨමාලාව හරහා පිළිගත් වෘත්තීය මානව සම්පත් කළමනාකරුවෙකු වීමට හෝ මානව සම්පත් සංවර්ධන නිලධාරියෙකු වීමට හෝ එම ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු සඳහා අවශ්‍ය වෘත්තීය අධ්‍යාපන සුදුසුකම බලාපොරොත්තු වන රාජ්‍ය සහ පෞද්ගලික නිලධාරීන්ට පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ හැකිය.
මානව සම්පත් කළමනාකරණය සහ පොදු කාර්යාලීය පරිපාලනය ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්කම:
- මානව සම්පත් සංවර්ධනය අධිකාරිය (ප්‍රධාන අමාත්‍යංශය) විසින් පූර්ණ අධීක්ෂණය යටතේ පාඨමාලාව ක්‍රියාත්මක කිරීම සහ ඩිප්ලෝමා සහතිකපත්‍ර පිරිනැමීම
- ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ව-තෘතියික සහ උසස් අධ්‍යාපන තත්ත්ව සහතිකය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (The International Association for Quality Assurance in Pre-Tertiary & Higher Education (QAHE) සහ ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු කිරීම් සහ සංවර්ධනය කිරීම සඳහා වූ ඇමරිකානු කවුන්සිලය (American Council Of Training and Development) මඟින් පිළිගත් පාඨමාලාවක් වීම
- කැනඩියානු නිපුණතා සංවර්ධන කවුන්සිලය මඟින් පිළිගත් පාඨමාලාවක් වීම
- විවෘත සහ දුරස්ථ ඉගැන්වීම් ක්‍රමවේදය හරහා රැකියා හෝ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයින්ගෙ කාර්යබහුලත්වය මගහරිමින් ඕනෑම වේලාවක දේශන නැවත නැරඹීමේ පහසුව
- පාඨමාලාව පුරා ඒකීය ශිෂ්‍යයින් කෙරෙහි අඛණ්ඩ සම්බන්ධීකරණ සහය හිමිවීම
- පාඨමාලා සහනදායී ලෙස සහ මාසික වාරික 12කින් පියවීමේ පහසුව
මෙම පාඨමාලාව වැදගත් වන්නේ :
උසස් පෙළ අවසන් කළ ශිෂ්‍යයින්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, මානව සම්පත් කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, පොලිස්,හමුදා සහ ආරක්ෂක සේවයේ නියුතු පිරිස්, රැකියා බලාපොරොත්තු වන පිරිස්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සහ මානව සම්පත් සංවර්ධනය සහ පොදු කාර්යාලීය පරිපාලනය පිළිබඳව උනන්දුවන සැමට විශේෂයි.
- මෙම ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම මාර්තු 08 සිට අප්‍රේල් 30 දක්වා සිදුවේ.
- පාඨමාලාව ආරම්භය මැයි 01 දින සිදු වේ.
ලියාපදිංචි වන ආකාරය :
අයදුම් කරුවන් තම1. උසස් පෙළ සහතිකපත්‍රයේ ඡායාරූපය2. ජාතික හැඳුනුම්පතේ ඉදිරි සහ පසුපිට ඡායාරූපයේ අනන්‍යතාවය සහිත ඡායාරූපය පහත ඇති ශිෂ්‍ය ලියාපදිංචි සබැඳියාව හරහා එවිය යුතුය.
තෝරාගත් ශිෂ්‍යයින් ලැයිස්තු ගතකර ශිෂ්‍ය ලියාපදිංචි වීමේ ඉදිරි කටුයුතු පිළිබඳ ව දැනුවත් කෙරේ.
- දේශන ක්‍රමය – 100% Online
- ඩිප්ලෝමා කාලය – මාස 12කි.
- මාධ්‍යය : සිංහල හෝ English
- අර්ඝ: SLQF 03 (Credit 30)
- සහතිකය: ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය, මානව සම්පත් සංවර්ධන අධිකාරිය (ප්‍රධාන අමාත්‍යංශය) සහ ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ව-තෘතියික සහ උසස් අධ්‍යාපන තත්ත්ව සහතිකය සඳහා වූ ජාත්‍යන්තර සංගමයමගින් පිරිණමනු ලබන පූර්ණ රාජ්‍ය සහ ජාත්‍යන්තර පිළිගැනීම සහිත ඩිප්ලෝමා සහතිකපත්‍රය ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී පිරිනැමීම.
පහත දුරකථන අංක වෙත ඇමතුම් ලබාදීම මගින් හෝ වට්ස් ඇප් හරහා සම්බන්ධ වීමෙන් ඩිප්ලෝමා විස්තර සහ ලියාපදිංචි විස්තර ලබාගත හැකිවේ.
- ව්‍යාපාර අධ්‍යයන සහ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව – 037 317 0999
- ශිෂ්‍ය සම්බන්ධීකරණ අංශය – 070 550 8778
පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට පහත සබැඳියාව වෙත පිවිසෙන්න: https://wa.link/62s051
| Application | Sinhala | English |
| Online Registration | https://wa.link/62s051 |
| Source | Gazette(09-01-2026) |
| Application Closing Date | 2026.04.30 |
| Course Start Date | 2026.05.01 |



govdoc blog
Add comment