Govdoc Blog

2026 ගෝලීය සාම දර්ශ­ක­යෙන් ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදි­රි­යට

blog image

 2026 ගෝලීය සාම දර්ශ­ක­යෙන් ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදි­රි­යට

 

2026 ගෝලීය සාම දර්ශ­කයට අනුව කැපී­ පෙ­නෙන ප්‍රග­ති­යක් අත්කර ගනි­මින් ස්ථාන 14කින් ඉදි­රි­යට පැමි­ණී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඕස්ට්‍රේ­ලි­යාවේ සිඩ්නි නුවර කේන්ද්‍ර කර­ගත් ආර්ථික විද්‍යාව හා සාමය පිළි­බඳ ජාත්‍ය­න්තර ආය­ත­නය (Institute for Economics & Peace – IEP) විසින් සකස් කරන ලද 20 වැනි ගෝලීය සාම දර්ශ­කය (Global Peace Index 2026) නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත්කර ඇති අතර ශ්‍රී ලංකාව එහි ලකුණු 1.91ක් ලබා­ග­නි­මින් 67 වැනි ස්ථානය හිමි­ක­ර­ගෙන ඇත.

ලෝක ජන­ග­හ­න­යෙන් 99.7%ක් ආව­ර­ණය වන පරිදි ස්වාධීන රාජ්‍ය­යන් සහ කලාප 163ක අභ්‍ය­න්තර හා බාහිර ගැටුම්, ආර­ක්ෂාව සහ හමු­දා­ක­ර­ණය ඇතුළු නිර්ණා­යක 23ක් ඔස්සේ මෙම සමී­ක්ෂ­ණය සිදු­කර තිබේ. මෙවර වාර්තා­වට අනුව සමස්ත ලෝක සාම­කා­මී­ත්වය පසු­ගිය වස­රට සාපේ­ක්ෂව 0.7% කින් පහත වැටී ඇති බව ද ලෝක සාමය මෙලෙස අඛ­ණ්ඩව දරුණු ලෙස පල්ලම් බැස ඇත්තේ අඛ­ණ්ඩව 12 වැනි වස­රට බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

වත්මන් ලෝකයේ පව­තින ගැටුම් දෙගු­ණ­ය­කින් ඉහළ ගොස් ඇති අතර දෙවැනි ලෝක යුද්ධ­යෙන් පසු ලෝකය මුහුණ දෙන දරු­ණු­තම අස්ථා­වර වාතා­ව­ර­ණය මෙය බව ද දර්ශ­කය පෙන්වා දෙයි. විශේ­ෂ­යෙන්ම යුක්‍රේන සහ ගාසා තීරයේ පව­තින දරුණු යුද වාතා­ව­ර­ණ­යන් මීට ප්‍රධා­න­තම හේතුව වී තිබේ. මුළු ලෝක­යේම සාම­කා­මී­ත්වය බිඳ­වැ­ටෙ­මින් පව­තින පසු­බි­මක, ශ්‍රී ලංකාව මෙවර ගෝලීය සාම දර්ශ­කය තුළ කැපී­පෙ­නෙන වර්ධ­න­යක් පෙන්නුම් කිරී­මට සමත්ව තිබීම විශේ­ෂ­ත්ව­යකි.

ඒ අනුව, පසු­ගිය වස­රට සාපේ­ක්ෂව ගෝලීය ශ්‍රේණි­ගත කිරීම්හි ස්ථාන රැසක් ඉදි­රි­යට පැමිණ තිබෙන ශ්‍රී ලංකාවේ දේශ­පා­ලන ස්ථාව­ර­ත්වය වර්ධ­නය වීම, අභ්‍ය­න්තර ප්‍රචණ්ඩ ක්‍රියා සහ මහ­ජන උද්ඝෝ­ෂණ අවම වීම මෙන්ම ආර­ක්ෂක අංශ කෙරෙහි පව­තින විශ්වා­සය ඉහළ යෑම මෙලෙස සාම­කාමී රට­වල් ලැයි­ස්තුවේ ඉදි­රි­යට පැමි­ණී­මට ප්‍රධා­න­තම හේතු­සා­ධක වී ඇති බව සඳ­හන් වේ.

මෙවර දර්ශ­ක­යට අනුව ද ලොව වඩාත්ම සාම­කාමී රාජ්‍යය ලෙස ‘අයි­ස්ල­න්තය’ පෙර­මුණ ගෙන සිටින අතර නව­සී­ල­න්තය, ස්විට්ස­ර්ල­න්තය, ස්ලෝවේ­නි­යාව, අය­ර්ල­න්තය, ඔස්ට්‍රි­යාව, පෘතු­ගා­ලය, සිංග­ප්පූ­රුව, ෆින්ල­න්තය, ජපා­නය යන රට­වල් ද ඉදි­රි­යෙන් පසු­වෙයි.

යුදධ­මය හා දේශ­පා­ල­නික අස්ථා­ව­ර­ත්වය හේතු­වෙන් මෙවර ගෝලීය සාම දර්ශ­කයේ පහ­ළින්ම පසු­වන, එනම් ලොව වඩාත්ම සාම­කා­මී­ත්ව­යෙන් අඩුම රාජ්‍ය­යන් බවට පත්ව ඇත්තේ රුසි­යාව, සුඩා­නය, කොංගෝ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජන­ර­ජය, යුක්‍රේනය, ඊශ්‍රා­ය­ලය, දකුණු සුඩා­නය, ආෆ්ග­නි­ස්ථා­නය, යේම­නය, සිරි­යාව, මාලි, සෝමා­ලි­යාව යන රට­වල් ය.

ලෝකයේ සාමය බිඳ­වැ­ටී­මට බල­පාන ප්‍රධා­න­තම සාධ­කය ලෙස IEP ආය­ත­නය හඳු­න්වන්නේ සාම්ප්‍ර­දා­යික යුරෝ­පීය බල­ව­තුන්ගේ බලය ගිලිහී යමින්, මධ්‍යම ප්‍රමා­ණයේ කලා­පීය බල­ව­තුන් නැඟී­සි­ටීම හරහා ඇති වන ‘මහා ඛණ්ඩ­නය’ (The Great Fragmentation) නමැති භූ-දේශ­පා­ල­නික වෙන­සයි. 2018 සහ 2025 වස­ර­වල් අතර කාලය තුළ ලොව පුරා ඩ්‍රෝන ප්‍රහාර (Drone attacks) එල්ල වීම සිය­යට 11,500 කින් ඉහළ ගොස් ඇත.

විවිධ සන්නද්ධ කණ්ඩා­යම් 565ක් අවම වශ­යෙන් එක් ඩ්‍රෝන ප්‍රහා­ර­යක් හෝ එල්ල කර තිබේ. එමෙන්ම ඉති­හා­සයේ ප්‍රථම වතා­වට මිනිස් මැදි­හ­ත්වී­ම­කින් තොරව කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් සටන් බිමේ තීන්දු තීරණ ගන්නා මට්ට­මට තාක්ෂ­ණය වර්ධ­නය වී තිබේ.

ලොව පුරා සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා සහ යුද්ධ හේතු­වෙන් 2025 වස­රේදී පම­ණක් ගෝලීය ආර්ථි­ක­යට සිදුව ඇති සමස්ත පාඩුව අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 21.81කි. එය සමස්ත ලෝක දේපළ නිෂ්පා­දි­ත­යෙන් (Global GDP) සිය­යට 10.5 කට සමාන දැවැන්ත අග­යක් බව ද වාර්තා වෙයි.

(Visited 6 times, 8 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed