තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාවට දැනුම්දීම
පුද්ගලයින් බදවා ගැනීම මත ප්‍රතිලාභ ලැබෙන හෝ සහභාගීවන්නන්ගේ දායක මුදල් ඉහළ දැමීම මත ප්‍රතිලාභ ලබා දෙන යෝජනා ක්‍රමයක් “පිරමීඩ යෝජනා ක්‍රමයක් ” වේ. ඉහත ලක්ෂණ ඇති යෝජනා ක්‍රමයකට කුමන අයුරකින් හෝ සම්බන්ධ වීම, අනුබලදීම හෝ පවත්වා ගෙන යාම ශ්‍රී ලංකාව තුළ නීතියෙන් දඩුවම් ලැබීමට හේතු වේ. ඒ අනුව එවැනි යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, මූල්‍යකරණය කිරීම හෝ මෙහෙයවීම වැනි ඕනෑම ආකාරයකින් ඒවාට පහසුකම් සපයන පුද්ගලයන් දඩ මුදල් සහ සිරගත කිරීම් ඇතුළු නීතිමය දඩුවම් වලට යටත් වේ. මෙවැනි ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරක් වේ නම් ලගම ඇති පොලිස් ස්ථානයට හෝ පහත සදහන් ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දීම සිදු කළ හැක.
- ලිපිනය : අධ්‍යක්ෂ, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01
- විද්‍යුත් තැපැල් ලිපිනය : [email protected]
- දුරකථන අංකය : 0112477744
- වට්සැප් අංකය : 0765780000
- ක්ෂණික ඇමතුම් අංකය: 1935
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් විමර්ශන පවත්වා, සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තිය යටතේ තහනම් කරන ලද යෝජනා ක්‍රමයක නියැලී සිටින සමාගම් / යෙදුම් 25 ක් හඳුනා ගෙන ඇත. ඒවා පහතින් සදහන් වේ.
| Notice | Sinhala | English | Tamil |
| More details | Click_Here |



govdoc blog
Add comment