Govdoc Blog

GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවිඩ සේවාවක් ගැන අනතුරු ඇඟවීමක්

Blog FB Share

GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවිඩ සේවාවක් ගැන අනතුරු ඇඟවීමක්

GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

පොලිසියේ රථවාහන අංශය මඟින් එවා ඇති ආකාරයෙන්, වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින්, මේ වන විට ජනතාව වෙත කෙටි පණිවිඩ කිහිපයක් ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දැනුම් දී ඇත.

එම පණිවිඩ සමඟ ලැබී ඇති GovPay සබැඳිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමඟ යැවීම සඳහා සකස් කර ඇති සයිබර් වංචාවක් වන අතර, කිසිදු දඩ මුදලක් ගෙවන ලෙස GovPay නිල වේදිකාව හරහා කෙටි පණිවිඩ හෝ දැනුම්දීම් සිදු කිරීමට කිසිදු අවස්ථාවක අමාත්‍යාංශය හෝ රජය පියවර ගෙන නොමැති බව ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කර ඇත.

GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේද යටතේ පමණක් වන බවත්, මෙවැනි විදේශීය හෝ සැක සහිත වෙබ් අඩවි සබැඳි හෙවත් විශේෂයෙන් lygov.art වැනි ව්‍යාජ ඩොමේන් හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

මෙම වංචනික පණිවිඩ මඟින් පුරවැසියන්ගේ මූලික තොරතුරු සහ බැංකු ගිණුම් දත්ත සූක්ෂම ලෙස ලබා ගැනීමට උත්සාහ කරන බැවින්, මෙවැනි පණිවිඩ වෙත ප්‍රතිචාර දැක්වීමෙන් හෝ එවැනි සබැඳි වෙත පිවිසීමෙන් හෝ වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ සඳහා අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Paper Notice Download
More Details Click_Here

paper notice

(Visited 8 times, 10 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed