ජූලි 23 සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.
නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇත.
දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100ක් ලෙස සංශෝධනය කර තිබේ.
වේදිකා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද රුපියල් 20ක් දක්වා ඉහළ දමා ඇති අතර සංශෝධිත ගාස්තු අද සිට සෑම දුම්රිය ස්ථානයක ම ප්‍රදර්ශනය කිරිමට ද නියමිත ය.
ගාස්තු පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.



govdoc blog
Add comment