Govdoc Blog

පේරාදෙණිය සරසවි සිසුන්ට අර්ධකාලින රැකියා

Peradeniya University

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ .

මෙරට විශ්ව විද්‍යාලයක ප්‍රථම වරට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල යටතේ එක් සිසුවකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350 ක ගෙවීමක් කිරීමට ද නියමිතය .

සරසවිය තුළ අනධ්‍යයන සේවා සැපයුම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දැනුම හුවමාරුව සඳහා සිසුන්ට මෙම අර්ධ කාලීන රැකියා පත්වීම ලබා දීමට නියමිත බව උපකුලපති එම්. ඩී. ළමා වංශ මහතා පැවසීය .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගැන ක්‍රියා කොට තිබේ .

මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ සිසුන්ගෙ විශාල උනන්දුවක් තිබෙන බවත් මේ වන විටත් ඒ සඳහා සිසුන් 170 දෙනකු පමණ ඉල්ලුම් කර තිබෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝබර් මස 01 වැනි දින සිදු සිදුකිරීමට නියමිතය .

(Visited 228 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed