Govdoc Blog

ස්වයං විදේශ රැකියාවට ලියාපදිංචිය මාර්ගගත ක්‍රමයට

online

විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය සහ පෙර ලියාපදිංචිය දීර්ඝ කරගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සළසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙහිදී රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන  www.slbfe.lk    වෙබ් අඩවියේ ඇති  Online Self Registration  සබැඳියට පිවිසීමෙන් අදාල සේවාව ලබාගත හැකි බවත් මෙම පහසුකම භාවිතා කිරීමෙන් ස්වයං ලියාපදිංචියකදී කාර්යාංශයට ලබාදිය යුතු ලිපි ලේඛනවල නිරවද්‍යභාවය පිළිබඳව පූර්ව තහවුරුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගැනීමට හැකි බවත් එම කාර්යංශය කියයි.

මෙම මාර්ගගත පහසුකම භාවිතා කිරීමෙන් විදේශ රැකියා සඳහා ගුවන් ගතවන දිනයේදී ගුවන් තොටුපොල කාර්යාංශ ඒකකය මගින් දෙනු ලබන සේවාවන් පමාවකින් තොරව ලබාගැනීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව සැලසෙන බව කියන එම කාර්යංශය වැඩි විස්තර කාර්යාංශයේ පැය 24 සේවාවට 1989 ඔස්සේ ඇමතීමෙන් ලබාගත හැකිය.

(Visited 291 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed