Govdoc Blog

මැයි 1 වනදා අලුත් සැලසුමක්

labour

කම්කරු දිනය නිමිත්තෙන් විශේෂ මැයි දින රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තිකයින්ගේ සමිති සන්ධානය පවසයි.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමිති සන්ධානයේ නියෝජිතයින් සඳහන් කළේ, බදු පැනවීම ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් පිළිගත හැකි විසඳුම් ලබා දී නොමැති බවය.

රාජ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීමට රජය සෘජු මැදිහත් වීමක් මෙතෙක් සිදුකර නොමැති බව ද එම මාධ්‍යට එක්වෙමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු නිහාල් වීරරත්න මහතා ප්‍රකාශ කළේය.

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා ද එම මාධ්‍ය හමුවට එක්ව තිබුණි.

(Visited 34 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed